සඳක් වෙන්න බැරි නම් නුඹ හට - ඉමාෂා මුතුකුමාරි | Sandak wenna barinam numba hata - Imasha Muthukumari - Sinhala lyrics


සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ //

සීත සෘතුවකට වෙලා
මියයන්න නම් එපා
ගිම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්මලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ

මා නොමැති හෙටක් නැතත්
පිපෙන මල් යළිත් පිපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවේ
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි

සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ


ගායනය - ඉමාෂා මුතුකුමාරි
සංගීතය - දිලුම් තේජන
ගී පද - මනුරංග විජේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...