සිරියාවි උඹව මම කෝච්චියෙන් - රොඩ්නි වර්ණකුල | Siriyawi umbawa mama kochchiyen - Rodni Warnakula - sinhala lyrics


සිරියාවි උඹව මම කෝච්චියෙන්
කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්
ලැබුණ හැටියෙ එනවා
උඹ එව්ව ලියුම මගෙ පෙට්ටගමේ
තවම හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තවමත්
සුවසේ නිදියනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තවමත්
සුවසේ නිදියනවා

හෝ ගාන පොකුණ ගාවට මම උඹෙ අත
අල්ලාගෙන යනවා
සුදු වැල්ල සිඹින කිරි පෙන පිඩු ඇවිදින්
ඔන්න හාදු දෙනවා
රජ ගෙදර ළඟට උඹ එක්ක ගිහින්
හැමදේම කියා දෙනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින්
කොළඹ වටේ යනවා
අපි ට්‍රෑම් කාර්වල නැගලා සතොසින්
කොළඹ වටේ යනවා

එහෙ ගොල්ෆේස් එකෙ උඹ දන්නේ නෑ
අස්ස පැටවු යනවා
ඒව දැකල මගෙ සිරියාවී උඹ
තවත් තුරුල් වෙනවා
සුදු මහත්තැන්ල හිට උඹෙ රුව දැකලා
හොරෙන් හිනා වෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින්
ආඩම්බර වෙනවා
මේ අප්පුව ඒවා දැක දැක සතුටින්
ආඩම්බර වෙනවා

සිරියාවි උඹව මම කෝච්චියෙන්
කොළඹ එක්ක යනවා
තේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්
ලැබුණ හැටියෙ එනවා
උඹ නාඬ ඉඳින් මගෙ රත්තරනේ
මම එන පෝයට එනවා
මේ කුප්පි ලාම්පුවෙ තෙල් ටික ඉවරයි
දැන් මම නවතිනවා

මේ ආදර පුංචි අප්පු

ගායනය - රොඩ්නි වර්ණකුල
සංගීතය - සිරිල් පෙරේරා
ගී පද - බන්දුල සරත් වඩුතන්ත්‍රී



වීඩියෝව ගත්තෙ මෙතනින් -  Thilakasiri Abhayawardhane තිලකසිරි අභයවර්ධන


Comments